Nsbmhomagama

NSBM

NSBM can be called the first green university in South Asia and is designed in an environmentally friendly manner. It is located on a 26-acre land in Pitipana North Grama Niladhari Division No. 484 of the Homagama Divisional Secretariat and has lecture halls, exhibition halls, auditoriums, libraries, a sports complex, a swimming pool, a fitness center, a student center, shops and hostel facilities for students and staff.

Under the Foreign University Cooperation Foundation, which awards degrees with the approval of the University Grants Commission; International degree courses are offered locally to students with the University of Plymouth (UK), Victoria University (Australia) and Southern Cross University (Australia).

Currently expanding under the second phase (15 acres) and third phase (20 acres), it is expected to grow to a total of 60 acres and start new faculties such as medicine, law, and health sciences.

 

NSBM

දකුණු ආසියාවේ පළමු හරිත විශ්වවිද්‍යාලය ලෙස NSBM හැඳින්විය හැකි අතර එය පරිසර හිතකාමීව නිර්මාණය වී ඇත.හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 484 පිටිපන උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර 26 භූමි භාගයක ස්ථාපිත මෙහි දේශනා ශාලා, ප්‍රදර්ශනාගාර, ශ්‍රවණාගාර, පුස්තකාල, ක්‍රීඩා සංකීර්ණයක්, පිහිණුම් තටාකයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, ශිෂ්‍ය මධ්‍යස්ථානයක් මෙන්ම, වෙළෙඳසැල්ද සහ ශිෂ්‍යයන් සහ කාර්ය මණ්ඩලය සඳහා නේවාසිකාගාර පහසුකම්ද ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිතව උපාධි පිරිනමන මෙහි විදෙස් විශ්වවිද්‍යාල සහයෝගිතා පදනම යටතේ; University of Plymouth (UK), Victoria University (Australia) සහ Southern Cross University (Australia) යන විශ්වවිද්‍යාල සමඟ අන්තර්ජාතික උපාධි පාඨමාලා සිසුන්ට දේශීයව ලබා දේ.

දැනට දෙවන අදියර (අක්කර 15) සහ තෙවන අදියර (අක්කර 20) යටතේ විස්තාරය වෙමින්, සමස්ත අක්කර 60 දක්වා විශාල වී වෛද්‍ය, නීති, සෞඛ්‍ය විද්‍යා වැනි නව පීඨ ආරම්භ කිරීමටද අපේක්ෂා කෙරේ.

‍Kirigampamunuwatemp

The historic Kirigampamunuwa Sri Sudharmaratne Rajamaha Viharaya

  • It is believed that it was built by King Raigam Bandara, who reigned during the Raigampura Anuradhani period of the Kotte Kingdom.
  • It is said in folklore that Pamunugama, who supplied milk to the palace during this kingdom, became Kiridun Pamunuwa and later Kirigampamunuwa.
  • This temple, which was in ruins during the Portuguese rule, was later purchased by Venerable Polhene Sri Siddhartha Thero during the British rule in 1882 and consecrated.
  • This temple, which belongs to the Aruggoda Indasararama Maha Viharaya section of the Kotte Sri Kalyana Samagri Dharma Saha Sangha Sabha, is currently under the auspices of Venerable Walgama Rathanasara Thero.

 

ඓතිහාසික කිරිගම්පමුණුව ශ්‍රී සුධර්මරත්න රාජමහා විහාරය

  • කෝට්ටේ රාජධානි සමයට අයත් රයිගම්පුර අනුරාජධානි සමයෙහි රජකම් කළ රයිගම් බණ්ඩාර රජතුමා විසින් ඉදිකළ බවට සැලකේ.
  • මෙම රාජධානි සමයෙහි රජවාසලට කිරි සැපයූ පමුණුගම, කිරිදුන් පමුණුව පසුව කිරිගම්පමුණුව වූ බව ජනප්‍රවාදවල සඳහන් වේ.
  • පෘතුගීසි පාලන සමයෙහි විනාශ මුඛයට පත් මෙම විහාර පසුව ඉංග්‍රීසි පාලන සමයෙහි අක්කර 03ක්පමණ වර්ෂ 1882 දී පූජ්‍යපාද පොල්හේනේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි විසින් මිලයට ගෙන සඟසතු කරන ලදී.
  • කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමාග්‍රී ධර්ම සහා සංඝ සභාවේ අරුග්ගොඩ ඉන්දසරාරාම මහා විහාර පාර්ශ්වයට අයත් මෙම විහාරස්ථානයෙහි වත්මන් අධිපතීත්වය පූජ්‍යපාද වල්ගම රතනසාර නාහිමි හොබවනු ලබති.

 

Barawa

Barawa Wetland

  • The overflow area of ​​Pussali Oya, a major tributary of the Kelani River, is known by this name.
  • It borders the Homagama, Seethawaka and Padukka Divisional Secretariat Divisions.
  • It extends over the Grama Niladhari Divisions of Attygalle East, Panaluwa and Watareka North in the Homagama Divisional Secretariat Division.
  • Providing habitat for a large number of plants and animals and possessing high biodiversity, the Barawa Wetland has also been included in the list of environmentally sensitive zones proposed to be declared by the Ministry of Environment in the future.
  • Informal and unauthorized settlement, forest clearing and the spread of alien and invasive species can be identified as threats to this wetland.

 

බරාව තෙත්බිම

  • කැලණි ග‍‍‍ගේ ප්‍රධාන අතු ගංගාවක් වන පුස්සැලි ඔයෙහි පිටාර ප්‍රදේශය මේ නමින් හඳුන්වනු ලැබේ.
  • මෙය හෝමාගම, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පවතී.
  • මෙහි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර, පානළුව හා වටරැක උතුර යන ග්‍රාම නිලධාරී වසම්වල විහිද පවතී.
  • ශාක හා සතුන් විශාල ගණනකට වාසස්ථාන සපයමින් හා අධික ජෛව විවිධත්වයකින්ද හෙබි බරාව තෙත්බිම ඉදිරියේදී පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කිරීමට යෝජිත පරිසර සංවේදී කලාප ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ.
  • අවිධිමත් හා අනවසර ජනාවාසකරණය, කැළෑ හෙළිකිරීම් හා ආගන්තුක හා ආක්‍රමණශීලී විශේෂවල ව්‍යාප්තිය මෙම තෙත්බිමට ඇති තර්ජන ලෙස හඳුනාගත හැකිය.

EmbulgamaTemplenew

Embulgama Rajamaha Viharaya

  • Embulgama Rajamaha Viharaya is located in the Henpita Grama Niladhari Division No. 451 of the Homagama Divisional Secretariat Division in the Colombo District, on the banks of the Kelani River, in a beautiful mountain range.
  • In the past, it was also known by various names such as Ambili Grama Vehera, Ratgal Vehera, Embulhelu Vehera, Embulpasa Vehera, Embilla Vehera, Embalawa Vehera, etc.
  • The main reason for the use of these names for the area around this temple is the belief that it was used to provide Ambula to the Maha Thero and the kings in the past.
  • One of the legends says that the great Arahant Maliyadeva resided here, where nearly thirty caves can be seen.

 

ඇඹුල්ගම රජමහ විහාරය

  • ඇඹුල්ගම රජමහා විහාරය යනු කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 451 හේන්පිට ග්‍රාම නිලධාරී වසමේ කැලණි ගඟ අසබඩ, සුන්දර කඳුගැටයක් ආශ්‍රිතව පිහිටා ඇත.
  • අතීතයේදී අම්බිලි ග්‍රාම වෙහෙර, රත්ගල් වෙහෙර, ඇඹුල්හෙලු වෙහෙර, ඇඹුල්පස වෙහෙර, ඇඹිල්ල වෙහෙර,ඇඹලව වෙහෙර ආදී විවිධ නම්වලින්ද හඳුන්වාදී ඇත.
  • මෙම විහාරය ආශ්‍රිත ප්‍රදේශයට එම නම් භාවිත වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ අතීතයේ මහ නාහිමිවරුන්ට හා රජදරුවන්ට ඇඹුල සැපයූ බවට වන විශ්වාසයි.
  • ලෙන් තිහකට ආසන්න ප්‍රමාණයක් දැකගත හැකි මෙහි එක් ජනප්‍රවාදයක සඳහන් වන අන්දමට මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිට ඇත.

Office Days - Tuesday/Thursday/Saturday

Time - 8.30 am to 4.15 pm

Field Duty Days - Monday/Friday/Sunday

Holiday - Wednesday

Name of Acting G.N. - Mrs. J.A.R. Dilrukshi

Telephone Number- 0771350609 / 0718427052

News & Events

30
Jul2026
Regional Coordination Committee Meeting

Regional Coordination Committee Meeting

The Regional Coordination Committee Meeting organized by...

13
May2026
Bakmaha Festival for People with Special Needs

Bakmaha Festival for People with Special Needs

The Bakmaha Festival for People with Special...

Scroll To Top