සමනලයා
Caltoris philippina seriata (Moore,1878)Hesperidae පහතරට බට-රිසියා
- අතිශය අන්තරායට ලක්වූ (EN B1ab(iii)+ 2ab(iii)-2012) දුර්ලභ සමනල විශේෂයකි.
- තද දුඹුරු පැහැ පියාපත්වලින් යුක්ත වේ.
- ශ්රී ලංකාවේදී හමුවන උපවිශේෂය ආවේණික වන අතර පහතරට තෙත් කලාපයේ දක්නට ලැබේ.
- උණ ශාක ආශ්රිතව ගැවසීමට ප්රියතාවක් දක්වයි.
- කෙටි පියාසැරියක් පෙන්වන අතර ඉන්පසු නිශ්චලව හිඳිනු දක්නට ලැබේ.
කුරුල්ලා
Psilopogon flavifrons (Cuvier, 1816) Megalaimidae කහ මූහුණත් කොට්ටෝරුවා
- ශ්රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර සහ කඳුකර මෙන්ම,රබර්වතු හා ගෙවතු ආශ්රිතවද ජීවත්වේ.
- කොළ පැහැති ශරීරය, රන්වන් කහ පැහැති නළල, නිල් පැහැති මුහුණකින් සමන්විත දැකුම්කළු පක්ෂියෙකි.
- රන් නළල් කොට්ටෝරුවා, මූකලන් කොට්ටෝරුවා ලෙසද හඳුන්වයි.
- ලංකාවට ආවේණික නමුත් ස්ථාවර ගහණයක් වාර්තාවන නිසා අඩු අවධානයක් සහිත පක්ෂියෙකි.
- පෙබරවාරි-මැයි සහ අගෝස්තු-සැප්තැම්බර් කාලයේදී අභිජනනය කරන අතර, මැරුණු ගසක කඳේ බිම සිට මීටර් 2-3ත් අතර පිහිටි කුහරයක සුදු පැහැති බිත්තර 2ක් හෝ 3ක් දමයි.














